නක්කාවත්ත ජාතික පාසලේ මුල් භාගයේ දී මුලින් ම පාසල් භූමියට ඉඩම් සපයා ඇත්තේ ආතාවුද ආරච්චිලාගේ කිරිබණ්ඩා නම් අයට උරුම වී තිබූ ලබුවැල කනත්ත නම් ඉඩමෙන් හා ඊට බටහිර දිගින් මායිම්ව තිබූ යහපත්හාමි යන අයට අයත් ඉඩමෙනි. පසුව පාසල තවත් පුළුල් වන විට ආච්චිගේ වත්ත, පී.ඩබ්.ඩී. ඉඩම, සෑම්ගේ වත්ත හා කුරිකොටුව යන ඉඩම් පාසලට පවරා ගත්හ. ඉන් පසු 1967.06.01 දින ආසියා පදනමින් රු. ලක්ෂයක ආධාර ඇතිව පිහිටුවන ලද අංග සම්පූර්ණ සියවස ආදර්ශ ගොවිපල පිහිටුවීම සදහා දිවුලපිටියේ ලීලා ජයකොඩි මහත්මියට අයත් බලගල්ල වත්ත ඉඩමින් අක්කර 10ක් ද පවරාගෙන ඇත.ඒ අතරම 1997.01.28 දින විද්‍යාලීය නව දෙමහල් ගොඩනැගිල්ල අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ගරු රිචඩ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. එමෙන් ම මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතා පාසලට පැමිණි මොහොතේ විද්‍යාලීය නව බුදු මැදුර විවෘත කරන ලදී.. එමෙන්ම ද්විත්ව විද්‍යාගාරය මුදල් හා ක්‍රම සම්පාදන ඇමති රොනී ද මැල් මහතා අතින් විවෘත කෙරිණි.. මෙලෙස පක්ෂ පාට භේදයකින් තොරව සියලුම දෙනා නක්කාවත්ත ජාතික පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළහ.
1966.06.21 දින පවරා ගත් ඉඩම් කොටස් 4ක් ගැන සදහන්ව ඇත.
1.ආච්චිගේ වත්ත - අක්2 රෑ3 ප 30
2.පී.ඩබ්.ඩී - ඉඩම් අක් ½
3.සෑමිගේ වත්ත - අක් ¼ , 4. වැව -කූරිකොටුව අක් 1





