විදුහලේ මනා පැවැත්මටත් රටට වැඩදායක පුරවැසියකු ලෙස ඔබව හැඩ ගැසීමටත් විදුහල නීති මාලාවක් සකස් කර ඇත. ඔබගේත් දෙමව්පියන්ගේත් ගුරුභවතුන්ගේත් විදුහලේත් ගෞරවය හා හොඳ නම රැක ගැනීම සඳහා පහත සදහන් වූ එම නීති වලට අනුකුලතාවය දැක්වීම විදුහල් මාතාව ඔබෙන් අපේක්ෂා කරයි.
1.පාසලට පැමිණීම :
-
1.1 පාසල ආරම්භ කිරීමට විනාඩි 30කට වත් පෙර පාසලට පැමිණිය යුතුයි.
-
1.2 පාසල පැවැත්වෙන දිනවල දී දිනපතා පාසලට පැමිණිය යුතුයි.
-
1.3 පාසලට නොපැමිණෙන සෑම දිනක ම ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ
එසේ නොපැමිණීමට හේතුව සදහන් කරමින් පියා / මව / භාරකරු ගෙන්
අත්සන් කරවා ගෙන පැමිණිය යුතුය. -
1.4 පාසලට නොපැමිණීම් දින 5 කින් පසුව පාසලට නැවත පැමිණිය යුත්තේ
මව / පියා හෝ භාරකරු කැටුවය. -
1.5 පාසලට පැමිණෙන විට උදේ පන්සිල් ගැනීමට සීනුව නාද වී ඇත්තම්
තමා ඉන්නා ස්ථානයේ ම පොත් බෑගය පසෙකින් තබා පන්සිල් ගතයුතුය. පන්සිල් ගන්නා අවස්ථාවේදී ඔබ මොබ ගමන් කිරීම හෝ අත් අය
සමඟ කථා කරමින් සිටීම වරදකි. -
1.6 ගේට්ටුවෙන් ඇතුළුවන සිසුන් දෙදෙනා බැගින් දකුණු පසින් පැමිණිය
යුතුය. -
1.7 පාසලට පැමිණෙන සෑම දිනකම මෙම ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ආ
යුතුය. -
1.8 එදිනෙදා කාල සටහන් වලට අනුකූල වන පොත්පත් සියල්ල හා අවශ්‍ය
අනිකුත් උපකරණ රැගෙන පාසලට පැමිණිය යුතුය. -
1.9 පාපැදිවලින් පාසලට එන ළමුන් ගේට්ටු අසලදී පාපැදියෙන් බැසිය යුතු
අතර එතැන් සිට ඒවා පාරේ දකුණු පසින් පා ගමනින් පංති කාමරය
වෙත පැමිණිය යුතුයි. -
1.10 විදුහලේ කිසියම් ක්‍රීඩා කණ්ඩායමකට අයිති සිසුවෙක් විදුහල නියෝජනය
කරමින් කිසියම් ක්‍රීඩා ත රඟයකට ඉදිරිපත් විය යුතු අවස්ථාවකදී එසේ
නොකොට විදුහල් කණ්ඩායමට පරිබාහිරව වෙනත් ක්‍රීඩා සමාජයකින්
විදුහලට එරෙහිව තරග කිරීම නොකළ යුතුය.
2.පාසලට පැමිණි පසු :
-
2.1 පාසලට පැමිණි විගස පන්ති කාමරය හා මිදුල ශුද්ධ පවිත්‍ර කිරීමට අදාළ
සිසුන් වගබලා ගත යුතුයි. -
2.2 විද්‍යාලයීය සම්ප්‍රදායට අනුව ශිෂ්‍ය නායක මණ්ඩලයේ උපදෙස් පරිදි උදේ
රැස්වීම් වලට සහභාගී විය යුතුය. -
2.3 විද්‍යාලයීය ගීතය, ජාතික ගීතය නිසි පරිදි ගායනා කළයුතු අතර එවැනි
අවස්ථාවලදී සීරුවෙන් සිට එයට ගරු කළ යුතුය. -
2.4 පාසල ආරම්භ වීමෙන් පසු කොරිඩෝ වල, ශාලා ඉදිරිපස, ක්‍රීඩා පිටිය
අසල ගස් යට, වැනි ස්ථානවල නිකරුනේ අනවශ්‍ය ලෙස කථා කරමින්
නොසිටිය යුතුය. -
2.5 ආපන ශාලාවට යා යුත්තේ පාසල ආරම්භවීමට පෙර, පාසල අවසන්
වීමෙන් පසු සහ තමන්ට අදාල විවේක කාලයේදී පමණි. -
2.6 පන්ති කාමරයේ හෝ විදුහල් භූමිය තුළ අනවශ්‍ය ලෙස ශබ්ද නගා කථා
නොකළ යුතුය. කුමන හෝ අවස්ථාවකදී වුවද පරුෂ වචන හෝ අසභ්‍ය
වචන පාවිච්චි නොකළ යුතුය. -
2.7 පත්තියේ ඉගැන්වීමේ කටයුතු වලදී මෙන්ම ශිෂ්‍ය සමිති ක්‍රීඩා කටයුතු ආදී
විෂය බාහිර කටයුතුවලදී ද වගකීමෙන් යුතුව සහභාගී විය යුතුය. -
2.8 විදුහලේ දී තම උපකරණ ආරක්ෂා කර ගැනීමටත්, විදුහල සතු සියලු
සම්පත් සුරැකීමටත් විදුහල් භූමිය පවිත්‍රව දර්ශනීයව පවත්වා ගැනීමටත්
ක්‍රියා කළ යුතුය. -
2.9 පාසල් පොත් පත් රැගෙන එන බෑගය පාසල් ලාංඡනය සහිත පාසලෙන්
නිර්දේශ කරන ලද බෑගයක් විය යුතුය. -
2.10 බාහිර පුද්ගලයන් පංති කාමර වලට හෝ කොරිඩෝ වලට නොගෙන්වා
ගත යුතුය. එවැපු පුද්ගලයෙකු හමුවීමට අවශ්‍ය නම් ඒ සදහා
විදුහල්පතිතුමාගේ ලිඛිත අවසරයක් ගෙන පැමිණිය යුතු බව ඔවුන්ට
දැන්වීය යුතුය. -
2.11 කිසියම් විෂයකට අදාල ගුරුභවතා තොපැමිණි විටක විෂය ප්‍රධාන සිසුවා
විසින් පැවරුම් ලිපි ගොනුව ගෙන අදාළ පැවරුම සිසුනට දිය යුතු අතර
සියලු සිසුන් නිශ්ශබ්දව එම පැවරුම කළ යුතුය. -
2.12 ඔබේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය ආදී සහතික ගැනීමට
පැමිණෙක හෑම විටකම මෙම ශිෂ්‍ය වාර්තා පොතද රැගෙන ආ යුතුය.
මෙම පොත නොමැතිව කිසිදු සහතිකයක් නිකුත් කරනු නොලැබේ. -
2.13 ඉගෙනුම් උපකරණයක් නොවන පොත් පත් හා උපකරණ කිසිවක්
විදුහලට රැගෙන නොආ යුතුය.(චිත්‍ර කථා, අසභ්‍ය පුවත්පත්, වීඩියෝ පට,
කැසට් පට ආදී) -
2.14 ක්‍රීඩා තරඟ පැවැත්වෙන දිනවලදී ක්‍රීඩා ඇඳුමින් සැරසී පන්ති කාමර වලට
නොයා යුතු අතර ක්‍රීඩා තරග අවසන් වී නිවෙස්වලට යාමේදී නිල
ඇඳුමින් සැරසී ආපසු නිවෙස්වලට යා යුතුය. නැටුම් ප්‍රායෝගික පුහුණු
පන්ති වලට පැමිණෙන සිසුන්ද ඉහත පරිදි ක්‍රියා කළ යුතුය. -
2.15 විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සදහා පාසල් වේලාවෙන් පසුව හෝ සති
අන්තයේ හෝ විදුහල් බිමේ රැදී සිටීමට නම් අදාල ගුරු භවතාද සිටිය
යුතුයි. -
2.16 පාසලේ භෞතික සම්පත් ප්රවේශමින් පරිහරණය කළ යුතු අතර ඒවා
උසස් මට්ටමින් පවත්වාගෙන යාමට සෑම සිසුවකුම වග බලා ගත යුතුය. - 2.17 විදුහලේ ඇති කැසිකිලි / වැසිකිලි වසරවල් අනුව/ ශ්‍රේණි අනුව වෙන්
කොට ඇත. තමාට අයිපි වසරට / ශ්‍රේණියට අදාළ කැසිකිලියට/
වැසිකිලියට පමණක් යා යුතු අතර වෙතත් ඒවාට යාම වරදකි. ඒවා
පිරිසිදුව පාවිච්චි කලයුතු අතර හානි නොකළ යුතුය. - 2.18 ක්‍රීඩා තරඟවලට හෝ වෙනත් තරඟයකට හෝ නාට්‍යයක් නැරඹීමට හෝ
එවැනි අවශ්‍යතාවයක් සදහා වෙනත් විද්‍යාලයකින් අප විද්‍යාලයට
පැමිණෙන කිසිදු ශිෂ්‍යයෙකුට / ශිෂ්‍යාවකට කිසිඳු මානසික හෝ ශාරීරික
පීඩාවක් සිදු කිරීම තදබල වරදක් බව දත යුතුය. එවැනි සිසුන්ට
සහෝදරත්වයෙන් උදව් උපකාර කිරීම තුළින් අප විදුහල ගෞරවයට පාත්‍ර
කොට ගැනීමට කටයුතු කළ යුතුය. - 2.19 නව වසරකට පිටස්තර විදුහල් වලින් අප විදුහලට පැමිණෙන සිසුන්ට
(12 වසරට වැනි) නවක වදය දීම සම්පූර්ණයෙන්ම තහනම් බව සියලු
සිසුන් දත යුතුය. ඔවුන්ද සුහදව පිළිගෙන සහෝදරත්වයෙන් කටයුතු
කිරීමට ඉටා ගත යුතුය. -
2.20 සවස පන්ති සති අන්ත පත්ති නිවාඩු කාලීන පත්ති හා විෂය බාහිර
ක්‍රියාකාරකම් වැනි පාසලේ ඉගැන්වීමේ කාලයෙන් පසුව සහභාගීවන සෑමපන්තියක් පිළිබදවම එසේ සහභාගී වන බව දෙමව්පියන්ට දැන්විය
යුතුය.
3.පන්තිවලින් බැහැරව යාම :
-
3.1 පන්තිවල ඉගැන්වීමේ කාලය තුළදී විශේෂ හදිසි අවශ්‍යතාවකදී හැර
කිසිදු ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් පත්ති කාමරවලින් බැහැරට නොයා යුතුය. -
3.2 එවැනි හදිසි අවශ්‍යතාවකදී වුවද පන්ති වලින් බැහැරට යා යුත්තේ
පන්තිභාර/විෂයහාර ගුරුභවතාගේ ලිඛිත අවසරයක් මත පමණි. - 3.3 එසේ ලිඛිත අවසරයක් ගෙන වුවද බැහැරව යා යුත්තේ එත් සිසුවෙකු
පමණි. අවශ්‍යතාවය පරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකු යැවීමට
පන්තිභාර/විෂයභාර ගුරුභවතාට අවසර දී ඇත. -
3.4 තාක්ෂණික/ සෞන්දර්යය / ක්‍රීඩා/පුස්තකාල ආදී කාලච්ඡේද වල
පන්තියෙන් බැහැරට යාමේදී හා ආපසු ඒමේදී තමන්ට නියමිත මාර්ගවල
පමණක් ලමුන් දෙදෙනා බැගින් පේලියට නිශ්ශබ්දව කඩිනමින් ගමන්
කළ යුතුය. -
3.5 කිසිදු ශිෂ්‍යයෙකුට / ශිෂ්‍යාවකට විවේක කාලයේදී හා පාසල පටන්
ගැනීමට පෙර කාලයේදී හැර අන් කිසිදු කාලච්ජේදයකදී ආහාර පාන
ගැනීමට හෝ ලිපි ද්‍රව්‍ය ගැනීමට හෝ ආපන ශාලාව වෙත යාමට අවසර
නැත. -
3.6 කිසියම් සිසුවෙකුගේ ශිෂ්‍යභාවය තිබෙන තාක් කල් (13 වසර 2වන
වරට විභාගයට පෙනී සිටින තෙක්) පාසල් කාලය තුළදී හෝ සෙනසුරාදා
/ ඉරිදා ඇතුළු පාසල් නිවාඩු කාල වලදී හෝ සංවිධානය කරනු ලබන
සියලුම අධ්‍යාපන / විනෝද චාරික සඳහා විදුහල්පතිතුමාගේ පූර්ව
අනුමැතිය ලබාගත යුතුය.
4.පාසලින් වේලාසනින් බැහැරව යාම :
-
4.1 කිසියම් ශිෂ්‍යයකු / ශිෂ්‍යාවක වේලාසනින් බැහැරව යන්නේ හදිසි
අසනීපයකින් පෙළෙන නිසා නම් ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ
වේලාසනින් බැහැරව යාම නම් පිටුවේ සඳහන් පරිදි එම ශීර්ෂ සම්පූර්ණ
කර විදුහල්පතිතුමා / නි.විදුහල්පතිතුමා වෙත පැමිණ අදාළ පරිදි අවසර
ගෙන බැහැරව යා යුතුය. -
4.2 එසේ බැහැරව යන්නේ ශිෂ්‍යාවක නම් ඇයට තනිවම යාමට අවසර
නොදෙන බැවින් අසල්වැසි ශිෂයාවක්ද කැටුව අදාළ පරිදි අවසර ගෙන
බැහැරව යා යුතුය.(තදබල අසනීපයකදී විදුහල මගින් ප්‍රතිකාර ලබාදී
නිවෙස්වලට ඇරලීමට කටයුතු කරන බවද සලකන්න.) -
4.3 අසනීපයක් නොවන වෙනත් අවශ්‍යතාවකට (මළ ගෙදරක, මගුල්
ගෙදරක යාමට වැනි) වේලාසනින් බැහැරව යාමට අවසර දෙනු ලබන්නේදෙමාපියන් පැමිණ කැටුව යන්නේ නම් පමණි. එවැනි අවශ්‍යතාවයක්
ඇති සියුන් එදින පාසල් ඒමෙන් වළකින්න. -
4.4 කිසිදු ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් අනවසරයෙන් වේලාසනින් බැහැරව
යාම තදබල වරදක් බව දත යුතුය.
5.විදුහල අවසන් කිරීමේ දී හා බැහැරව යාමේ දී :
-
5.1 විදුහල අවසන් කිරීමට සීනුව නාද කළ පසු සෑම ශිෂ්‍යයෙක් /
ශිෂ්‍යාවක්ම තම පන්ති කාමරය අසල කොරිඩෝරය ඉදිරි පිටට ගොස්
නිශ්ශබ්දව පේලියට සිටිය යුතුය. -
5.2 නිශ්ශබ්ද සීනුව නාද වූ විට ඡත්තමානවක ගාථා ගායනා කොට
ගුරුතුමාට/ගුරුතුමියට ආචාර කොට සමුගෙන නිශ්ශබ්දව පේලිවලට
නික්ම යා යුතුය. -
5.3 සිසුන් පාසලෙන් බැහැර වීම ප්‍රධාන ගේට්ටුවෙන් පමණක් සිදු කල
යුතුයි. -
5.4 ප්‍රධාන ගේට්ටුවෙන් පිටවී පයින් යන ළමුන් දෙදෙනා බැගින් පේළිවලට
පාරේ දකුණු පසින් යා යුතුය. -
5.5 ප්‍රධාන ගේට්ටුවෙන් පිටවී බස්වලින් යන ලමුන් බසය එනතෙක් බස්
නැවතුමට වී බසය නතර කරන තෙක් සිට පොරකෑමෙන් තොරව එම
බස්වලට නැගිය යුතුය. පාසලේ ගෞරවයට හානි නොවන ලෙස බස්
වලට නැගීම හා ඒවා තුළ ගමන් කිරීම කළ යුතුය.
6.විශේෂ කරුණු :
-
6.1 ඔබට භාර දී ඇති ලමා මේසය, පුටුව හා වෙනත් උපකරණ, අධ්‍යාපනය
ලබන මුළු කාලසීමාව තුළම ඉතාමත් හොදින් ආරක්ෂා කර විදුහලින්
ඉවත්ව යන විට පත්ති භාර ගුරුභවතාට භාරදිය යුතුය. -
6.2 විදුහලේ සියලුම උපපරණ, ගොඩනැගිලි, ගහකොළ ඇතුළු සියලුම
සම්පත්වලට කිසිඳු ආකාරයේ හානියක් නොකළ යුතුය. අසභ්‍ය වචන,
රූප හා එවැනි සටහන් බිත්තිවල සටහන් නොකල යුතුය. -
6.3 ජංගම දුරකථන පාසල තුළ භාවිතා කිරීමට හෝ රැගෙන ඒමට සිසුන්
හට අවසර නොලැබේ. -
6.4 ගුරු භවතකුගේ අවසරයකින් තොරව (CD, VCD, DVD) සංයුක්ත තැටි හා
Pen Drivers පාසල තුලට රැගෙන ඒමට සිසුන්ට අවසර නොමැත. -
6.5 මෙම සංග්‍රහයේ ඇතුලත් සියලුම විනය නීති, ආචාරධර්ම, සම්ප්රදායයන්
කඩ කිරීමට යම් ආකාරයකින් අනුබල දීමද එවැනි කඩ කිරීමක්
වැලැක්වීමට තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියා නොකිරීමද එම කරුණු
වසංකර සිටීමද තදබල වරදක් බව දත යුතුය.





