විදුහල්පති පණිවිඩය
P.M.C.D. පතිරාජ මියමහත්මා ගාන්ධිතුමා සෑම පුද්ගලයෙකුගේම හිස, හදවත හා අත යන අංගන්‍රය සමතුලිත ලෙස සංවර්ධනය කිරීම අධ්‍යාපනයේ පරමාර්ථ ලෙස දක්වා ඇත.මෙවැනි දාර්ශනික මග පෙන්වීම් ඔස්සේ යමින් ඒ ඒ රටවල් සාමාජීය, සංස්කෘතික, දේශපාලනික, සාධක පදනම් කොට උච්ත අධ්‍යාපන පරමාර්ථ ගොඩ නංවා ඇත.වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සියල්ල රටේ අනාගත පැවැත්ම කෙරෙහි බලපාන තීරණාත්මක සාධක වේ.වත්මන් සංකීර්ණ සමාජ රටාව තුළ පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මහත් අභියෝගාත්මකව කළ යුතු කාර්යයකි.පාසල තුළින් සිසුන්ට දැනුම මෙන්ම ජීවත්වීම සදහා ලබා දිය යුතු කුසලතා රාශියකි.එමගින් ශක්තිමත් හා පෞරුශයකින් හෙබි පරපුරක් රටට දායාද කළ හැකි වේ.අපගේ දැක්ම හා මෙහෙවර අනුව යමින් පූර්ණ පෞරුෂයකින් හෙබි දරුවෙකු ගොඩනැගීමට ගිරි/නක්කාවත්ත ජාතික පාසල අපි ඇප කැප වී සිටියි.දැනුම මෙන්ම කුසලතා දරුවන්ට ලබාදීම සදහා විශය සමගාමී කටයුතු ද පාසල තුල ක්‍රියාත්මක වේ.ඒ වෙනුවෙන් අපගේ ආචාර්ය මණ්ඩලය ඉටුකරන කාර්යභාර්යය ප්‍රසංශනීය වේ.අධ්‍යයන කාර්යය මණ්ඩලය, දෙමව්පියන් හා ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු කණ්ඩායම පාසලේ දියුණුව වෙනුවෙන් පෙළ ගැසී සිටියි.විද්‍යාලයේ දියුණුවට සුභාසිංසන පිරිනමන අතර එහිලා පුරෝගාමී වන සියල්ලන්ගේ කැපවීම පැසසුම් කටයුතු බව සදහන් කරනු කැමැත්තෙමි.
Mrs. P.M.C.D. පතිරාජ මිය
විදුහල්පති
නක්කාවත්ත ජාතික පාසල .





