සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
පොල් අතු සෙවිලි කල කුඩා මඩුව්ක් වැනි ශාලාවක1900ට අසන්න වකවානුවක ඉතා සුලුවෙන් ඉදිකල පාසලකි.

නක්කාවත්ත විදුහල මුලින්ම ආරම්භ කරන ලද්දේ පිරිමි පාසලක් ලෙසිනි. ඒ අනුව සිමෙන්ති හා බදාම හා ගඩොලින් බැදි උලු සෙවිලි කරන ලද ස්ථීර ගොඩනැගිල්ලක් බිහිවී 1902 දී මෙය ගෙවදින්නට හැකි වන්නට, නක්කාවත්ත විදුහල එතැන් සිට ආරම්භ වී ඇති බව විශ්වාස කරයි.
සත් කෝරළයේ ඓතිහාසික කුරුණෑගල, යාපහුව මෙන් ම දඹදෙණි යන පැරණි
රාජධානි වලින් වට වූ මනරම් භූමි භාගයක පිහිටි නක්කාවත්ත ජාතික පාසල අද
වන විට මුලු ප්‍රදේශයට ම කීර්තියක් අත් කර දුන් අභිමානවත් පුරවැසියන් බිහි
කරන මහා පුණ්‍ය භූමියක් බවට පත්ව ඇත.
වර්ෂ 1900ට ආසන්න කාල වකවානුවක පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවක් වැනි
ශාලාවක සුළුවෙන් ආරම්භ කළ අප පාසලේ මුල් ගුරුතුමන් වූයේ මුල්ලේරියාවේ
යහෝනිස් පෙරේරා මහතාය. පසුව නක්කාවත්ත සිංහල පිරිමි පාසල ලෙස 1902දී
ස්ථිර ගොඩනැගිල්ලකට ගෙවැදී ඇති බව ප්‍රකටය. පාසලේ මුල් ම සිසුවා ලෙස
__________________________යන අය පාසලට බදවා ගෙන තිබේ. පසුව 1918 වන විට
මෙහි ගැහැනු පාසලක් ද ආරම්භ කෙරිණි. ගැහැනු පාසලේ ආරම්භක මුල් ගුරුතුමිය
වූයේ වාද්දූවේ පෙරේරා මහත්මියයි. මෙකළ පිරිමි පාසලේ මුල් ගුරුතුමා
ඩී.බී.දසනායක මහතා වූ අතර එතුමා සමග එච්.එම්.කේ.මුදියන්සේ මහතා හා
කේ.එම්.මුදියන්සේ මහතා ස්ථිර උප ගුරුවරුන් ලෙසත් එන්.ආර්.කිරිබණ්ඩා මහතා හා
එන්.ගුණරත්බණ්ඩා මහතා ශිෂ්‍ය ගුරුවරුන් ලෙසත් සේවය කළහ. මෙකළ පිරිමි
පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 189කි. අප පාසල 1929 පෙබරවාරි 1 වන දින සිට ඉංග්‍රීසි
භාෂාව ද ඇතුළත් කරමින් ද්විභාෂා පාසලක් බවට උසස් කර ඇත. 1934 මැයි 1 වන
දින සිට මෙහි ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමය ආරම්භ කළ අතර අප පාසල දිස්ත්‍රික්කයේ
හොදම පාසල් වත්ත පිළිබද ත්‍යාගය දිනා ගැනිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාසලේ
දැනට පවතින නටබුන්ව ඇති ආපනශාලා ගොඩනැගිල්ල සිසුන් අතින් ම නිමැවුණකි.
1941 දී වයඹ කොට්ඨාසයේ පාඨශාලා සම්බන්ධ ශාරීරික අභ්‍යාස හා ක්‍රීඩා
තරගයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට නක්කාවත්ත ගැහැනු පාසල සමත් විය.
1943 දී සමස්ත ලංකා ආහාර ප්‍රදර්ශනයේ දී ගැහැනු පාසල දෙවන ස්ථානය දිනාගත්
අතර 1945 දී කොළඹ පවත්වන ලද පාඨශාලා සම්බන්ධ ආහාර නිෂ්පාදන ව්‍යාපාරයේ
වියළි ප්‍රදේශවල වවන ලද රතු ලූණු හා මිරිස් සම්බන්ධයෙන් ලද රජතමය සම්මාන
දෙක 1945.02.12 දින දී අප පාසලට පැමිණි සෝල්බරි සාමිවරයා විසින් පිරිනමන
ලදී. එමෙන්ම එකළ අප පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් හා ඒකාබද්ධ වෙමින්
සිසු සිතුමිණ යන පාසල් සගරාව එළි දැක්වීය. එසේ ම අප පාසලේ වැඩිහිටියන්ට
අකුරු ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් 1945 දී පිහිටුවා තිබුණි. පාසලේ ඇති පැරණි
සටහන් වලට අනුව පළමු වරට පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අප
පාසලෙන් බිහිවූ ප්‍රථම ශිෂ්‍යත්වධාරියා වූයේ එස්.පී.එන්.වෙලගෙදර ශිෂ්‍යයායි.
1946 සැප්තැම්බර් 1 වන දින අප පාසල ද්විභාෂා මිශ්‍ර පාසලක් බවට පත් කර ඇත.
ඒත් සමගම ප්‍රාථමික පාසලක් ද ආරම්භ කර ඇත. ද්විභාෂා මිශ්‍ර පාසලේ මුල් ගුරු
ලෙස කේ.පී. පෙරේරා මහතාත්, ප්‍රාථමික පාසලේ මුල් ගුරු ලෙස එන්.පී. බණ්ඩා
මහතාත් පත් විය. පසුව ද්විභාෂා මිශ්‍ර පාසල 1948.04.09 දින ඉංග්‍රීසි භාෂා මාධ්‍ය
අධ්‍යාපනයට කැපවුණු ඉංග්‍රීසි කනිෂ්ඨ විද්‍යාලයක් බවට පත් කෙරිණි. එවක ගැමුණු ,
තිස්ස , පරාක්‍රම ආදී වශයෙන් නිවාස ක්‍රමයක් පැවති අතර දැල්පන්දු , අත්පන්දු ,
බොක්සින් ආදී ක්‍රීඩාවන්හි ශිෂ්‍යයන් ප්‍රගුණ කරවීය.1951 වර්ෂය වන විට අප පාසලේ
ශිෂ්‍ය සංඛ්‍යාව 184 ක් හා ගුරු මණ්ඩලය 6ක්ව පැවතුණි. පසුව මෙකළ තිබූ නිවාස
ක්‍රමය අහෝසි කර එස්.කේ.එච්. ජයවර්ධන විදුහල්පතිතුමා පාර්ලිමේන්තු ක්‍රමයක්
ගොඩ නැංවීය. මේ යුගයේ දී ම පාසලට ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා දුන් අතර "කමල" අය
ළමා සගරාව එළි දැක්වීය. 1950 වන විට ශිෂ්‍යයින් 830 කින් හා ගුරුවරුන් 21කින්
සමන්විත වූ අප පාසල 1958.01.01 දින මහින්ද මහා විද්‍යාලයක් බවට පත් කෙරිණි.
මෙකළ නිමල් රත්නායක මහතා විදුහල්පතිව සිටින විට ප්‍රධාන රැස්වීම් ශාලාව ,
පාලක ගොඩනැගිල්ල හා පුස්තකාලය ඉදි කෙරිණි. පසුව මහා විද්‍යාලයක්ව පැවැති
අපගේ පාසල මහින්ද මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කරවීය.(1979.11.01)
ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ විප්ලවීය නව යුගයක ආරම්භය ඇති කරමින්
1945 වර්ෂයේ දී සී.ඩබ්.ඩබ්.කන්නංගර ගරු අධ්‍යාපන ඇමතිතුමා විසින් ජාතියට
ලබා දුන් නිදහස් අධ්‍යාපන ක්‍රමය පරිපූර්ණ කරමින් පාසල් සිසුන්ට නොමිලයේ
පොත් බෙදා දීමේ උදාර ඓතිහාසික කාර්යය නක්කාවත්ත මහින්ද මහා විද්‍යාලය
තුළින් සමාරම්භ කරමින් එවකට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ප්‍රථම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප පාසලේ දී
ප්‍රථම වරට සිදු කර ඇති අතර එය මේ උතුම් පුණ්‍ය භූමිය ලද මහත්
ආශිර්වාදයකි.
ඉතා සුළුවෙන් ඇරඹී , සිය වසක පමණ ඉතා දිගු ගමන් මගක් ගෙවා රජමාවතකට
පිවිස සිටින නක්කාවත්ත විදුහල 1996.02.17 දින ජාතික පාසලක් බවට උසස් කරනු
ලැබීය. විද්‍යා , කලා , වාණිජ ආදී සියලු ම විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ දක්වා
අධ්‍යාපනයට සියලු පහසුකම් ඇති, ගොඩනැගිලි, උපකරණ, ආචාර්ය මණ්ඩලය අතින්
අංග සම්පූර්ණ ප්‍රදේශයේ සතර දිග් භාගයෙන් පැමිණෙන 1500කට ආසන්න පාසල්
සිසු පිරිසක් අධ්‍යාපනය ලබන 91කින් සමන්විත වූ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින්
හෙබි උසස් කීර්ති නාමයක් තබා ඇති දිවයිනේ ප්‍රකට ජාතික පාසලක් ලෙස එකළ
අප පාසල ප්‍රසිද්ධියට පත්ව තිබුණි. ඒ ගෞරවනීය කීර්ති නාමය රැකගැනීමට විදුහල
එකළ මෙහෙයවනු ලැබුවේ එස්. අතුල අලගියවන්න මහතා විසිනි.
මෙසේ සියවසකට අධික වූ අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන නක්කාවත්ත
මහින්ද විදු මෑණියන් වත්මන වන විට මහත් වූ පිරිසකට සිප් කිරි පොවා
සුපෝෂණය කරමින් රටට ලොවට වැඩදායී පුරවැසියන් බිහි කරන්නට සමත් වී
හමාරය. අධ්‍යයන කටයුතු මෙන්ම ඒ හා සමාන්තරව යන ක්‍රීඩා , සමිති සමාගම් ,
චාරිකා , ආගමික වැඩසටහන් , සාහිත්‍යය උත්සව , නායකත්ව පුහුණු වැඩසටහන් ,
ප්‍රථමාධාර ඒකක , ශිෂ්‍යබට , බාලදක්ෂ , විවිධ ප්‍රසංග හා සිංහල අවුරුදු උත්සව
ආදී වූ අනේක විධ විෂය සමගාමී ක්‍රියාකාරකම් හරහා කුසලතාවයන්ගෙන් හා
හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ දරු කැලකට සෙවණ සදන නක්කාවත්ත ජාතික පාසල
අද වන විට 1800කට අධික සිසුන් සංඛ්‍යාවකට සිප් කිරි පොවන්නට සමත් වී
තිබෙන බව සාඩම්බරයෙන් කිව හැකිය. ඒ සදහා උරනුර ගැටී සහය දක්වන 100කට
අධික ගුරු මව්පියවරුගේ ද නොමද උපකාරය මැදින් "ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින්
විශිෂ්ට දරුවෙක්" යන අප පාසලේ දැක්ම ජීවමාන කරන්නට දරන වෑයම
ප්‍රශංසනීයය.
|
ආරම්භ කළ වර්ෂය |
1902 දෙසැම්බර් 10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
මුල්ලේරියාවේ යහෝනිස් පෙරේරා මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
-- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
-- |
|
පාසල භාරව කටයුතු කිරීම |
-- |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
-- |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
-- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
-- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
-- |





