පුවත් හා විශේෂ අවස්ථා
2024 මාර්තු 5 වන දින නක්කාවත්ත ජාතික පාසලේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. උසස් පෙළ අංශය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාසලේ සියලුම අංශවල පූර්ණ දායකත්වය ලැබුණු බැවින් ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකි විය. එමෙන්ම මේ සදහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් හා සුභපතන්නන්ද තම දායකත්වය ලබා දුණි. රුධිර පරිත්‍යාගශීලීන්ට බැතිබර දායකත්වය ලබා දෙනු ලැබුවේ Shello Cosmetic ආයතනයයි. එමෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ට ආහාර සපයා ගැනීමට ද විවිධ පාර්ශව රැසක සහයෝගය නක්කාවත්ත මහින්දයට ලැබුණි. පාසලක රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ද විශාල කාර්යභාරයක් ඉටු කෙරිණි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය කොතෙක් ද කියතොත් අපේක්ෂිත ධාරිතාවටත් වඩා වැඩි රුධිර පරිත්‍යාගශීලීන් ප්‍රමාණයක් මේ සදහා දායකත්වය ලබා දුණි. මෙවන් වූ සාර්ථක වැඩසටහනක් කිරීමට දායකත්වය ලබා දුන් සැමට විදුහල ස්තූතිය පුද කර ඇත.
2023 ඔක්තෝබර් මස 6 වන දිනට යෙදී තිබූ ලෝක ගුරු දින සැමරුම නිමිත්තෙන් 2023 ඔක්තෝබර් මස 5 වන දින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් නක්කාවත්ත ජාතික පාසලේ ගුරු මව්පියවරුන්ට විශේෂ
2023 ඔක්තෝබර් මස 1වන දිනට යෙදී තිබුණු ළමා දින සැමරුම 2023 ඔක්තෝබර් මස 2වන දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඒ සදහා ගුරු භවතුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබූ අතර ඒවා අති සාර්ථකව පැවැත්විණි. තවද
ඉදුවර අභිමන් 2023
නක්කාවත්ත ජාතික පාසලේ උසස් පෙළ කලා අංශය මගින් සංවිධානය කරන ලද ඉදුවර අභිමන් 2023 නම් කලා උළෙල පසුගිය ඔක්තෝබර් 16 වන දින ඉතා උත්කර්ෂවත් අයුරින් පාසලේ ප්‍රධාන ශාලාවේදී දිනය පුරා පැවැත්විණි. ඒ සදහා කලාප අධ්‍යාපන අධ්යක්ෂ තුමිය, සමාජ විද්‍යා උපදේශකතුමිය, සිංහල සාහිත්‍ය හා මානව ශාස්ත්‍ර උපදේශකතුමිය, ආදිශිෂ්‍ය සංගමයේ ලේකම්තුමිය,කලා දිනයට සහයෝගය ලබා දුන් ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාර මහතා විශේෂ රසවින්දන වැඩසටහනක් ද පැවැත්වීය.
වප් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන නක්කාවත්ත ජාතික පාසලේ දී 2023 ඔක්තෝබර් මස 23 වන දින පෙර පෝය වැඩසටහනක් පැවැත්විණි. එය පාසලේ සියලු ම සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් පාසලේ බෞද්ධ සමාගම මගින් සිදු කරන ලද්දකි.





