School commerce day

School Trip

IMG_20231024_085307.jpeg
IMG_20231024_085307.jpeg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් 

කොණ්ඩය :

අමතර විලාසිතා වලින් තොර ව කොණ්ඩය කොටට කපා තෙල් ගා වම් ඇසට කෙළින් රොදය තබා හොඳින් පීරා විදුහලට පැමිණිය යුතු අතර විශේෂයෙන් පහත පරිදි කොණ්ඩය සකස් කර නො ගත යුතුයි.

  • කොණ්ඩය ඉදිරියට නෙරා සිටින සේ පිටුපසට පීරීම.
  • ප්‍රමණයට වඩා හිස වටේ කොණ්ඩය කොටට කැපීම්.
  • පිටුපසින් කොණ්ඩය වැවෙන්නට ඉඩහැරීම හා පිටු පස කොණ්ඩය හරහට කැපීම
  • ප්‍රමාණයට වඩා දිගට හෝ කොටට දෙකන් ඉදිරිපස සයිඩ්බර්න්ස් වැවීම.
  • ඉදිරියට පීරූවිට ඇස්වලට පහළින් සිටින සේ කොණ්ඩය දික්ව වැවීම.
  • කොණ්ඩය මැදින් බෙදීම.
  • හිසෙහි තෙල් හැර වෙනත් කිසිදු ආලේපනයක් නොගැල්වීම.

රැවුල :

  • දැලි රැවුල මුහුණෙහි පැහැදිලිව පෙනෙන විට කැපීම ආරම්භ කළ යුතුය.
  • දැලි රැවුල කැපීම ආරම්භ කළ පසු ශිෂ්‍යභාවය තිබෙන තාක් කල් සම්පූර්ණ රැවුල කපා පැමිණිය යුතු ය.

කමිසය :

  • සුදු අත්කොට කමිසය පමණක් ඇඳිය යුතු ය.
  • අයිලර් යොදා තර ව සවි නො කළ යුතු ය.
  • කමිසයේ ඉදිරිපස හෝ පිටුපස රැළි නො යෙදිය යුතු ය.
  • වර්ණවත් බොත්තම් හෝ අකුරු බොත්තම් ඇල්ලූ කමිස නො ඇඳිය යුතු ය.
  • කමිසය ඉදිරිපස බොත්තම් මැදි වන සේ බෑන්ඩ් යෙදූ කමිස නො ඇඳිය යුතු ය.
  • අත්කොට කමිසයේ අත වැල මිටෙන් අඟල් 2ක් පමණ ඉහළින් තිබිය යුතු ය. එමෙන්ම අතේ වාටිය අඟල් ¾ පමණ විය යුතු අතර අතේ ප්‍රමාණයට වඩා විශාල වූ අත් සහිත (බැගී) කමිස නොඇඳිය යුතු ය. මෙයට වඩා කෙටි වීම හෝ දික් වීම නො කළ යුතු ය.
  • කමිස කරෙහි බොත්තම හැර අන් බොත්තම් සියල්ල දමා (පියවා) නිසි පරිදි කලිසමට යට කර කමිසය ඇඳිය යුතු ය.
  • සෑම කමිසයක ම සාක්කුවේ ඔබගේ දකුණු පසට වන්නට පාසලේ නිල ලාංඡනය මසා ගත යුතු වන අතර එම නිල ලාංඡනය සහිත කමිස පමණක් ඇඳ පාසල් පැමිණිය යුතු ය. කමිසයට ඇතුළු පැත්තේ සාක්කු නො තිබිය යුතු ය.
  • පාසල් නිල ඇඳුම සඳහා නොමිලේ නිකුත් කරන ලද කමිස රෙද්ද හෝ ඊට සමාන රෙද්දකින් කමිසය මැසිය යුතු ය.
  • පිරිමි ශිෂ්‍ය නායකයින් පමණක් අත් දිග කමිසය අත් දිගට දමා ටයි පටිය පැලඳිය යුතු ය.

දිග කලිසම

  • 10 ශ්‍රේණියේ සිට සියලු පිරිමි ළමුන් තනි සුදු දිග කලිසම් ඇදිය යුතුය.
  • කලිසමේ ඉන පටිය(බෑන්ඩ්) අඟල්25 කට වඩා පළල් නොවිය යුතු අතර එහි පුඩු (ලූප්ස්)     නො යෙදිය යුතුය. ඉන පටිය තද කළවිට නාභිය මට්ටමේ තිබිය යුතුය.
  • ඉන පටිය තද කරන හක් එක කලිසමේ හරි මැදට සවි නොකළ යුතුය. එය දකුණු පසට අඟල්5 පමණ වන සේ සවි කිරීමට හැකි වන පරිදි සවි කළ යුතුය.
  • කලිසම ඉදිරිපස එක් පැත්තක අඟල් 0.5 ක් පමණ ඇතුලට කවන ලද රැලි 2 ක් පමණක් තිබිය යුතුය. එමෙන්ම රැළි නොමැතිව ඇඳීමටද ඉඩ දෙනු නොලැබේ.
  • කළිසම දෙපැත්තේ සාක්කු අමතර විලාසිතා වලින් තොර විය යුතු අතර කෙලින් හෝ තරමක් ඇළව මසා ගත යුතුය.
  • පිටුපස සාක්කු එකක් පමණක් තිබිය යුතු අතර සාක්කු වැස්මක් නොතිබිය යුතුය. පැච් පොකට්ස් ක්‍රමයට මසා ඇඳීමට ඉඩදෙනු නොලැබේ.
  • සීරුවෙන් සිටගත් විට කකුල් මේස් නොපෙනෙන පරිදි එහෙත් සපත්තු අඩියේ සිට අඟල් 1 ක් පමණ ඉහළට වාටිය සිටින සේ මසා ඇදිය යුතුය.
  • ෆෝල්ඩ් එක (Fold) තම සිරුරේ ප්‍රමාණය අනුව අගල්16-20ත් අතර වන පරිදි මසා ගත යුතුය.
  • ෆෝල්ඩ් එකේ වාටිය අගල්5 පළලට ඇතුලට නවා නුල් ඇද තිබිය යුතු අතර වාටිය පිටට නවා හෝ වාටිය කුඩාවට මසා ඇදීමට ඉඩදෙනු නොලැබේ.

කොට කලිසම

  • 6 වසරෙ සිට10 වසර තෙක් වු පිරිමි ළමුන් නිල් කොට කලිසම ඇදිය යුතු ය.
  • නිල් පාටින් පමණක් කොට කලිසම මසා ගත යුතු ය.
  • ඉහත 4.2 සිට 4.6 දක්වා සියලු කරුණු කොට කලිසම සඳහා ද එලෙස ම බලපානු ඇත.
  • කලිසමේ වාටිය තමාගේ දණහිසට අගල් 3 පමණ ඉහළින් වන සේ මසා ගත යුතු ය.
  • වාටිය අගල් 1.5ක් පළලට ඇතුළට නවා නූල් ඇද මසා තිබිය යුතු අතර කලවයේ ප්‍රමාණයට වඩා විශාල ව හෝ තදට කලිසම් කකුල් මසා නො තිබිය යුතු ය.

පාවහන් :

  • තද කළු පාට අමතර විලාසිතා නොමැති සරල පාවහන් පමණක් පැලඳිය යුතු ය.
  • මේස් කළු පාට ඒවා විය යුතු අතර මේස් උඩ කෙළවර ඉරි සහිත ඒවා නො විය යුතු ය.
  • විවිධ මෝස්තර වලට විවිධ ලාංඡන සවි කරන පාවහන් හා ඉදිරියට නෙරා ගිය පාවහන් නොපැළදිය යුතුය.
  • වළලුකර වැසී යන සේ ඇන්කල් බූට්ස් පැළදීම සම්පූර්ණයෙන්ම තහනම් බව මතක තබා ගත යුතුය.
  • කකුලේ ආබාධයක් ඇති අවස්ථා වලදී පමණක් සෙරෙප්පු පැළදීමට අවසර ඇත. එවනි දිනක එසේ සෙරෙප්පු පළදීමට හේතු ගේට්ටුව අසල සිටින ශිෂ්‍ය නයක මණ්ඩලයට,පන්තියට පැමිණි පසු පන්‍ති භාර ගුරුතුමාට,විෂය බාර ගුරුතුමාට පැවසිය යුතුය.එහෙත් එවැනි විටකදී ද පැළදිය යුත්තේ කලු පටි සෙරෙප්පු පමණි.ඒව බුබුලු රහිත කලු පටි සෙරෙප්පු විය යුතුය.

 

ගැහැණු ළමුන්

ගවුම :

  • ගවුමේ වාටිය දණහිස් වැසෙන සේ තිබිය යුතු ය.
  • කොලරය නිසි පරිදි තිබිය යුතු අතර ටයිපටිය ගැටගැසූ පසු පසුපසින් එය වැසෙන පරිදි කොලරය පළල් විය යුතුය.
  • අත්වල රැලි නොතිබිය යුතු අතර ගවුමේ අත වැලමිට දක්වා නොතිබිය යුතුය.ගවුමෙ අත උරහිස කෙලවර සිට වැලමිට දක්වා දිගින් ½ ක් තිබිය යුතුය.අත් කට හිර නොවන සේ තිබිය යුතුය.
  • ඉඟ වාටිය නාභිය මට්ටමේ තිබිය යුතුය.ගවුමේ පටිය පළලින් අඟල් 1.5ක් පමණ විය යුතුය.
  • සෑම ශිෂ්‍යාවක්ම විද්‍යාලයීය ටයි පටිය පැලඳිය යුතු අතර එය විදුහලට පැමින ආපසු නිවෙස වෙත යන තෙක්ම පැළඳ සිටිය යුතුය.පාසලට පැමිණි දිනයකදී ටයි පටිය නොමැතිව නගරයේ හෝ වෙනත් ස්ථානයක ගැවසීම තදබල වරදකි.
  • ශිෂ්‍ය නායිකාවන් ඉහත ප්‍රමිතීන්ට අතිරේකව අත් දිගට සිටින සේ ගවුම මැසිය යුතුය.

පාවහන් (ගැහැණු):

  • සුදු මේස් සහිත සුදු පාවහන් පමණක් පැළදිය යුතුය.
  • වළලුකර වැසී යන සපත්තු නොපැළදිය යුතුය.
  • මේස්නවා ඇඳිය යුතුය.

කොණ්ඩය (ගැහැණු):

  • පත් නොවැසෙන සේ මැදිත් පීරා සරල් 2 ක් වන සේ ගොතා අගිත් තමා සළු පරබන් වලින් බැඳිය යුතුය.
  • කොණ්ඩය වවන්නේ නම් ගෙතිය හැකි වන සෙස් පීරා කටුගසා කලු බන් පටියකින් බැඳීම අවශ්‍යය.

කිසිවිටෙසක් කොණ්ඩය කළලට වැටෙන පරිදි හෝ අවුල්වී හෝ නොතිබිය යුතුය.

 

 

 

 

 

පොදු අමතර කරුණු :-

  1. විවිධ වර්ගයේ මාල, පාමුදු, අතැගිලි මුදු, අත් ඔරලෝසු, විවිධ මාදිලියේ වළලු පැළඳීමද විලාසිතාවක් ලෙස නූල් අතේ පැළදීමද නොකළ යුතුය.

  2. මුදල් පසුම්බි පාවිච්චි කිරීම නොකළ යුතුය.

  3. ඇඳුම් හොඳින් සෝදා මැද පිරිසිදුව තිබිය යුතුය.

  4. තවමත් විදුහලේ ඉගෙනීමට හිමිකම් ඇති අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට එක්වරක් පෙනී සිට නිවසේ සිටින සිසුවකු විද්‍යාලය පවත්වන වේලාවල් තුළ මොනම හේතුවක් නිසාවත් සම්පූර්ණ නිල ඇඳුමින් තොර ව විද්‍යාලයට නො පැමිණිය යුතුය.

  5. තමා විද්‍යාලයෙන් අස්ව ගිය පසුව වුවද සහතික ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා විදුහලට පැමිණෙන විට විදුහලේ ගෞරවය ආරක්ෂා වන පරිදි සුදු පාටට හුරු චාම් ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය යුතුය. පිරිමි ළමුන් කමිසය කලිසමට යටකර ගෙන පැමිණිය යුතුය.

  6. පාසල් සිසුවෙකු සති අන්ත හෝ නිවාඩු කාලීනව පාසලේ පැවැත්වෙන උපකාරක පන්ති වලට හෝ ගෘහ විද්‍යායාව, නැටුම්, සංගීත ආදී ප්‍රායෝගික පුහුණුවීම් පත්ති වලට හෝ ක්‍රීඩා පුහුණුවීම් වලට පැමිණෙන විටක සම්පුර්ණ නිල ඇඳුමින් සැරයි පැමිණිය යුතුය.

  7. නිරන්තරයෙන් ම අතිරේක කියවීම් පොතක් සෑම ශිෂ්‍යයකු / ශිෂ්‍යාවක වෙතම තිබිය යුතු අතර එම අතිරේක කියවීම් පොත් වලින් ලබාගත් සාරාංශය සහිත පොතක්ද ලඟ තබා ගත යුතුය.

  8. ගල් සහිත කරාඹු නොපැළදිය යුතු අතර කරාඹු කත් පෙත්තෙන් පහළට නොවැටෙන සේ පැළදිය යුතු වේ.

  9. දිවා ආහාර හෝ වෙනත් ආහාර ගෙන ඒමේදී පොලිතීන් හෝ ලන්ච් ෂීට් භාවිත නොකළ යුතුය. ඒ සඳහා කෑම පෙට්ටියක් භාවිතා කළ යුතුය.

  10. ජංගම දුරකථන පාසලට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්ය.