නක්කාවත්ත ජාතික පාසලේ සිසු සිසුවියන්ගේ ඉගෙනුම් කටයුතු මෙන්ම ආධ්‍යාත්මික සුවය උදෙසාද කටයුතු කරන ගුරු භවතුන්ගේ මග පෙන්වීමෙන් අති පූජ්‍ය මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි සිදු කරගෙන යන බෞද්ධ සංගමය පාසලට ම ආශිර්වාදයක් බවට පත් වී ඇත. එහි දී පූජ්‍ය කඩිගමුවේ සුනීත හිමියන් හා පදුමකිත්ති හිමියන් ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි පාසලේ ගුරු භවතුන්ගේ මග පෙන්වීම යටතේ බෞද්ධ සංගමය හරහා විවිධ වූ ආගමික වැඩසටහන් සිදු කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය දියුණු කිරීමට කටයුතු කරයි.
සෑම මසකම පුන් පොහෝ දිනයට ප්‍රථමයෙන් පෙර පෝය වැඩසටහන් පවත්වන්නට කටයුතු කරන බෞද්ධ සංගමය පාසලේ සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරිත්‍යාගයෙන් විවිධ වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වැඩමවමින් පෙර පෝය වැඩසටහන් සාර්ථකව සිදු කරයි. මෙවැනි කටයුතු හරහා නක්කාවත්ත ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය දියුණු කිරීමට බෞද්ධ සංගමය බලාපොරොත්තු වෙයි.





