රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසහන

2024 මාර්තු 5 වන දින නක්කාවත්ත ජාතික පාසලේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. උසස් පෙළ අංශය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාසලේ සියලුම අංශවල පූර්ණ දායකත්වය ලැබුණු බැවින් ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකි විය. එමෙන්ම මේ සදහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් හා සුභපතන්නන්ද තම දායකත්වය ලබා දුණි. රුධිර පරිත්‍යාගශීලීන්ට බැතිබර දායකත්වය ලබා දෙනු ලැබුවේ Shello Cosmetic ආයතනයයි. එමෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ට ආහාර සපයා ගැනීමට ද විවිධ පාර්ශව රැසක සහයෝගය නක්කාවත්ත මහින්දයට ලැබුණි. පාසලක රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ද විශාල කාර්යභාරයක් ඉටු කෙරිණි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය කොතෙක් ද කියතොත් අපේක්ෂිත ධාරිතාවටත් වඩා වැඩි රුධිර පරිත්‍යාගශීලීන් ප්‍රමාණයක් මේ සදහා දායකත්වය ලබා දුණි. මෙවන් වූ සාර්ථක වැඩසටහනක් කිරීමට දායකත්වය ලබා දුන් සැමට විදුහල ස්තූතිය පුද කර ඇත.

School commerce day

School Trip

IMG_20231024_085307.jpeg
IMG_20231024_085307.jpeg
ලෝක ගුරු දිනය 2023

ලෝක ගුරු දිනය 2023

2023 ඔක්තෝබර් මස 6 වන දිනට යෙදී තිබූ ලෝක ගුරු දින සැමරුම නිමිත්තෙන් 2023 ඔක්තෝබර් මස 5 වන දින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් නක්කාවත්ත ජාතික පාසලේ ගුරු මව්පියවරුන්ට විශේෂ

ගුරු දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි. එදින සියලුම ගුරු මහත්ම මහත්මීන්ට විශේෂ ලාංඡනයක් ලබා දුන් අතර ඒ සදහා පාසලේ චිත්‍ර අංශයෙන් සහයෝගය ලබා දුන්හ. එමෙන්ම එම ගුරු දින සැමරුම් උත්සවය අලංකාරවත් කර ගැනීමට පාසලේ නර්තන , සංගීත හා නාට්‍ය යන අංශවල නොමද සහයක් ලැබුණු අතර එම උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එමෙන්ම නක්කාවත්ත ජාතික පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ සහ නායිකාවගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් ගුරුභවතුන් සදහා විශේෂ සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි. මෙලෙස ඉතාමත් උත්කර්ෂවත් අයුරින් ලෝක ගුරු දින සැමරුම නක්කාවත්ත ජාතික පාසලේදී සාර්ථකව පැවැත්විණි. 

Latest News

රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසහන.

 2024 මාර්තු 5 වන දින නක්කාවත්ත ජාතික පාසලේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. උසස් පෙළ අංශය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාසලේ සියලුම අංශවල පූර්ණ දායකත්වය ලැබුණු බැවින් ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකි විය. එමෙන්ම මේ සදහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් හා සුභපතන්නන්ද තම දායකත්වය ලබා දුණි. රුධිර පරිත්‍යාගශීලීන්ට බැතිබර දායකත්වය ලබා දෙනු ලැබුවේ Shello Cosmetic ආයතනයයි. එමෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ට ආහාර සපයා ගැනීමට ද විවිධ පාර්ශව රැසක සහයෝගය නක්කාවත්ත මහින්දයට ලැබුණි. පාසලක රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරමින්  කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ද විශාල කාර්යභාරයක් ඉටු කෙරිණි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය කොතෙක් ද කියතොත් අපේක්ෂිත ධාරිතාවටත් වඩා වැඩි රුධිර පරිත්‍යාගශීලීන් ප්‍රමාණයක් මේ සදහා දායකත්වය ලබා දුණි. මෙවන් වූ සාර්ථක වැඩසටහනක් කිරීමට දායකත්වය ලබා දුන් සැමට විදුහල ස්තූතිය පුද කර ඇත.

වෙබ් අඩවි සංවර්ධක කණ්ඩායම

H. W. R. මදුමාලි මිය

Teacher in charge

L. K. S. ගුණවර්ධන මිය

Teacher in charge

I.T. ප්‍රභාෂණ

Web Developer

H.A. සහන් රත්නායක

Web Developer

R.M. පුබුදු තිවංක

Web Developer

W.N. සෙන්විදු පෙරේරා

Web Developer

S.M. පබෝධි අභිෂේකි

Web Developer

H.M. හේශන සදරු

Web Developer

M.M. මහිංසා සයුරි

Web Developer

K.G. මනුල මතීෂ

Web Developer

R.P. රොෂාන් ෂශිත්

Web Developer

M.M. සෙනුල් සංදීප

Web Developer

බෞද්ධ සංගමය

නක්කාවත්ත ජාතික පාසලේ සිසු සිසුවියන්ගේ ඉගෙනුම් කටයුතු මෙන්ම ආධ්‍යාත්මික සුවය උදෙසාද කටයුතු කරන ගුරු භවතුන්ගේ මග පෙන්වීමෙන් අති පූජ්‍ය මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි සිදු කරගෙන යන බෞද්ධ සංගමය පාසලට ම ආශිර්වාදයක් බවට පත් වී ඇත. එහි දී පූජ්‍ය කඩිගමුවේ සුනීත හිමියන් හා පදුමකිත්ති හිමියන් ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි පාසලේ ගුරු භවතුන්ගේ මග පෙන්වීම යටතේ බෞද්ධ සංගමය හරහා විවිධ වූ ආගමික වැඩසටහන් සිදු කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය දියුණු කිරීමට කටයුතු කරයි. 

සෑම මසකම පුන් පොහෝ දිනයට ප්‍රථමයෙන් පෙර පෝය වැඩසටහන් පවත්වන්නට කටයුතු කරන බෞද්ධ සංගමය පාසලේ සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරිත්‍යාගයෙන් විවිධ වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වැඩමවමින් පෙර පෝය වැඩසටහන් සාර්ථකව සිදු කරයි. මෙවැනි කටයුතු හරහා නක්කාවත්ත ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය දියුණු කිරීමට බෞද්ධ සංගමය බලාපොරොත්තු වෙයි.

 

තොරතුරු තාක්ෂණ සංගමය

නක්කාවත්ත ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ සංගමය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාවන් ඔප් නංවමින් සැගවුණු දක්ෂතා එළි දැක්වීමට හොද ම අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. එහිදී තොරතුරු තාක්ෂණ හැකියාවන් උපයෝගී කර ගනිමින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් හා විවිධ තරග පැවැත්වීමට තොරතුරු තාක්ෂණ සංගමය කටයුතු සිදු කරගෙන යයි. ඒ සදහා පාසලේ ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට සහභාගී වීමට හැකි වීම විශේෂත්වයකි.

 

සංගමය භාර ගුරු භවතුන් 

1. එච්.ඩබ්.ආර්.මධුමාලි මිය.
2. එල්.කේ.එස්. ගුණවර්ධන මිය.
 

 

 

ලෝක ගුරු දිනය 2023

2023 ඔක්තෝබර් මස 6 වන දිනට යෙදී තිබූ ලෝක ගුරු දින සැමරුම නිමිත්තෙන් 2023 ඔක්තෝබර් මස 5 වන දින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් නක්කාවත්ත ජාතික පාසලේ ගුරු මව්පියවරුන්ට විශේෂ