රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසහන

2024 මාර්තු 5 වන දින නක්කාවත්ත ජාතික පාසලේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. උසස් පෙළ අංශය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාසලේ සියලුම අංශවල පූර්ණ දායකත්වය ලැබුණු බැවින් ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකි විය. එමෙන්ම මේ සදහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් හා සුභපතන්නන්ද තම දායකත්වය ලබා දුණි. රුධිර පරිත්‍යාගශීලීන්ට බැතිබර දායකත්වය ලබා දෙනු ලැබුවේ Shello Cosmetic ආයතනයයි. එමෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ට ආහාර සපයා ගැනීමට ද විවිධ පාර්ශව රැසක සහයෝගය නක්කාවත්ත මහින්දයට ලැබුණි. පාසලක රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ද විශාල කාර්යභාරයක් ඉටු කෙරිණි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය කොතෙක් ද කියතොත් අපේක්ෂිත ධාරිතාවටත් වඩා වැඩි රුධිර පරිත්‍යාගශීලීන් ප්‍රමාණයක් මේ සදහා දායකත්වය ලබා දුණි. මෙවන් වූ සාර්ථක වැඩසටහනක් කිරීමට දායකත්වය ලබා දුන් සැමට විදුහල ස්තූතිය පුද කර ඇත.

School commerce day

School Trip

IMG_20231024_085307.jpeg
IMG_20231024_085307.jpeg
ඉදුවර අභිමන් 2023

ඉදුවර අභිමන් 2023

         ඉදුවර අභිමන් 2023

නක්කාවත්ත ජාතික පාසලේ උසස් පෙළ කලා අංශය මගින් සංවිධානය කරන ලද ඉදුවර අභිමන් 2023 නම් කලා උළෙල පසුගිය ඔක්තෝබර් 16 වන දින ඉතා උත්කර්ෂවත් අයුරින් පාසලේ ප්‍රධාන ශාලාවේදී දිනය පුරා පැවැත්විණි. ඒ සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය, සමාජ විද්‍යා උපදේශකතුමිය, සිංහල සාහිත්‍ය හා මානව ශාස්ත්‍ර උපදේශකතුමිය, ආදිශිෂ්‍ය සංගමයේ ලේකම්තුමිය,කලා දිනයට සහයෝගය ලබා දුන් ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාර මහතා විශේෂ රසවින්දන වැඩසටහනක් ද පැවැත්වීය.

එමෙන් ම කලා අංශයේ සිසු සිසුවියන් තමන්ගේ දක්ෂතා එළි දක්වමින් නර්තන, රංගන ආදී අංග රැසකින් උත්සව සභාව පිනවීය.මේ සදහා සිසු සිසුවියන් මෙහෙයවන ලද්දේ කලා අංශය භාර නිමල් ප්‍රනාන්දු ගුරු මහතා, අජිත් කුමාර ගුරු මහතා ඇතුලු ගුරු මහත්ම මහත්මීන් විසිනි.එමෙන් ම මෙදින කලා දිනයට සමගාමීව පවත්වන ලද සාහිත්‍ය හා චිත්‍ර තරග සදහා සහභාගී වී ජයග්‍රහණයන් ලබා ගත් සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රධානය කෙරිණි.මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ කලා අංශය භාර අජිත් කුමාර ගුරුතුමා පද රචනය කළ සංගීත ආචාර්ය චමින්ද ගුරුතුමා තනු නිර්මාණය කරන ලද කලා දින තේමා ගීතය සිසු සිසුවියන් ඉදිරිපත් කිරීමයි.මෙලෙස ඉතා උත්කර්ෂවත් අයුරින් නක්කාවත්ත ජාතික පාසලේ කලා දින උළෙල අති සාර්ථකව නිමාවට පත් විය.

ඉතාමත් හරවත් අයුරින් එම කලා දින උත්සවය නිමාවට පත් වූ අතර එය පාසලේ සිසු සිසුවියන්ට නවමු අත්දැකීමක් එක් කර දුන්හ.

Latest News

රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසහන.

 2024 මාර්තු 5 වන දින නක්කාවත්ත ජාතික පාසලේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. උසස් පෙළ අංශය මගින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාසලේ සියලුම අංශවල පූර්ණ දායකත්වය ලැබුණු බැවින් ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකි විය. එමෙන්ම මේ සදහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් හා සුභපතන්නන්ද තම දායකත්වය ලබා දුණි. රුධිර පරිත්‍යාගශීලීන්ට බැතිබර දායකත්වය ලබා දෙනු ලැබුවේ Shello Cosmetic ආයතනයයි. එමෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ට ආහාර සපයා ගැනීමට ද විවිධ පාර්ශව රැසක සහයෝගය නක්කාවත්ත මහින්දයට ලැබුණි. පාසලක රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරමින්  කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ද විශාල කාර්යභාරයක් ඉටු කෙරිණි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය කොතෙක් ද කියතොත් අපේක්ෂිත ධාරිතාවටත් වඩා වැඩි රුධිර පරිත්‍යාගශීලීන් ප්‍රමාණයක් මේ සදහා දායකත්වය ලබා දුණි. මෙවන් වූ සාර්ථක වැඩසටහනක් කිරීමට දායකත්වය ලබා දුන් සැමට විදුහල ස්තූතිය පුද කර ඇත.

වෙබ් අඩවි සංවර්ධක කණ්ඩායම

H. W. R. මදුමාලි මිය

Teacher in charge

L. K. S. ගුණවර්ධන මිය

Teacher in charge

I.T. ප්‍රභාෂණ

Web Developer

H.A. සහන් රත්නායක

Web Developer

R.M. පුබුදු තිවංක

Web Developer

W.N. සෙන්විදු පෙරේරා

Web Developer

S.M. පබෝධි අභිෂේකි

Web Developer

H.M. හේශන සදරු

Web Developer

M.M. මහිංසා සයුරි

Web Developer

K.G. මනුල මතීෂ

Web Developer

R.P. රොෂාන් ෂශිත්

Web Developer

M.M. සෙනුල් සංදීප

Web Developer

බෞද්ධ සංගමය

නක්කාවත්ත ජාතික පාසලේ සිසු සිසුවියන්ගේ ඉගෙනුම් කටයුතු මෙන්ම ආධ්‍යාත්මික සුවය උදෙසාද කටයුතු කරන ගුරු භවතුන්ගේ මග පෙන්වීමෙන් අති පූජ්‍ය මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි සිදු කරගෙන යන බෞද්ධ සංගමය පාසලට ම ආශිර්වාදයක් බවට පත් වී ඇත. එහි දී පූජ්‍ය කඩිගමුවේ සුනීත හිමියන් හා පදුමකිත්ති හිමියන් ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි පාසලේ ගුරු භවතුන්ගේ මග පෙන්වීම යටතේ බෞද්ධ සංගමය හරහා විවිධ වූ ආගමික වැඩසටහන් සිදු කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය දියුණු කිරීමට කටයුතු කරයි. 

සෑම මසකම පුන් පොහෝ දිනයට ප්‍රථමයෙන් පෙර පෝය වැඩසටහන් පවත්වන්නට කටයුතු කරන බෞද්ධ සංගමය පාසලේ සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ පරිත්‍යාගයෙන් විවිධ වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වැඩමවමින් පෙර පෝය වැඩසටහන් සාර්ථකව සිදු කරයි. මෙවැනි කටයුතු හරහා නක්කාවත්ත ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය දියුණු කිරීමට බෞද්ධ සංගමය බලාපොරොත්තු වෙයි.

තොරතුරු තාක්ෂණ සංගමය

නක්කාවත්ත ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ සංගමය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාවන් ඔප් නංවමින් සැගවුණු දක්ෂතා එළි දැක්වීමට හොද ම අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. එහිදී තොරතුරු තාක්ෂණ හැකියාවන් උපයෝගී කර ගනිමින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් හා විවිධ තරග පැවැත්වීමට තොරතුරු තාක්ෂණ සංගමය කටයුතු සිදු කරගෙන යයි. ඒ සදහා පාසලේ ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට සහභාගී වීමට හැකි වීම විශේෂත්වයකි.

සංගමය භාර ගුරු භවතුන් 

1. එච්.ඩබ්.ආර්.මධුමාලි මිය.
2. එල්.කේ.එස්. ගුණවර්ධන මිය.
 
ලෝක ගුරු දිනය 2023

2023 ඔක්තෝබර් මස 6 වන දිනට යෙදී තිබූ ලෝක ගුරු දින සැමරුම නිමිත්තෙන් 2023 ඔක්තෝබර් මස 5 වන දින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් නක්කාවත්ත ජාතික පාසලේ ගුරු මව්පියවරුන්ට විශේෂ